Call us:0777 401 300

About us

 

දේශීය සංචාරකයන් සදහා පමණක් සංචාරක සේවා සහ තොරතුරු සපයන ශ්‍රී ලංකාවේ ප්‍රථම වෙබ් අඩවිය

 

ශ්‍රී පාදස්ථානය මුදුන් මල්කඩ වශයෙන් සලකා වසරක්පාසා වාරයේ දී සිරිපා කරුණා කළ අතීත ශ්‍රී ලාංකීය ජනයා ඉඩ ලද සෑම අවස්ථාවක දී ම තම නෑදෑ හිතවතුන් පිරිවරා අටමස්ථාන, සොලොස්මස්ථාන වන්දනාව සඳහා වට වන්දනාවේ යෑම සිරිතක් ලෙස සිදු කළ අතර ආගමික අරමුණවලට අමතරව විනෝදය, දර්ශනීය ස්ථාන නැරඹීම, ත්‍රාසජනක සහ සෞන්දර්යාත්මක අත්දැකීම් විඳගැනීම, අධ්‍යාපනය, විවිධ ජන කණ්ඩායම්වල සංස්කෘතිය අධ්‍යයනය සඳහා රටේ විවිධ ප්‍රදේශවල සංචාරයේ යෙදුනි. අම්බලන්වල හෝ විශ්‍රාම ශාලාවල නැවතී දන්සැල්වලින් ආහාර ගෙන සංචාරයේ යෙදුන  යුගය අවසන් වූ අතර ඒ වෙනුවට සංචාරක උපකාරක සේවා සපයන්නන්ගෙන් සමන්විතව පහසුකම්වලින් පරිපූර්ණ සංචාරක ව්‍යාපාරයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇත.

 

ඕනෑම රටක සංචාරක ව්‍යාපාරයේ අඩිතාලම වශයෙන් සැලකෙන්නේ දේශීය සංචාරක ව්‍යාපාරයයි. නමුත් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය බොහෝදුරට විදේශීය සංචාරකයින්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් විදේශීය සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා සංචිධානය වී ඇති අතර, දේශීය සංචාරකයින්ට අවශ්‍ය සේවා පහසුකම් සැපයීම කෙරෙහි අවධානය එතරම් යොමුවී නොමැත. මේ හේතුවෙන් දේශීය සංචාරකයාට තම සංචාරය සැලසුම් කරගැනීමේ දී විවිධ අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුව ඇත.

 

අප විසින් වසර 8 කට වඩා වැඩි කාලයක් දේශීය සංචාරක ව්‍යාපාරයේ තොරතුරු සහ හැසිරීම් අධ්‍යයනය කිරීමෙන් සහ එමගින් ලද අත්දැකීම් මත www.traveleye.lkවෙබ් අඩවිය නිර්මාණය කළ අතර මෙමගින් අපගේ දේශීය සංචාරකයාට අවශ්‍ය සියලුම සංචාරක සේවා සහ තොරතුරු ලබාදීමට කටයුතු කර ඇත්තෙමු. www.traveleye.lk වෙබ් අඩවිය දේශීය සංචාරකයන් සදහා පමණක් සංචාරක සේවා සහ තොරතුරු සපයන ශ්‍රී ලංකාවේ ප්‍රථම වෙබ් අඩවියයි.

 

කාර්ය බහුල ජීවන රටාවකට හුරුව සිටින ශ්‍රී ලාංකික දේශීය සංචාරකයන් වෙනුවෙන් අවශ්‍යතාවයට සහ මුදලට ගැලපෙන පරිදි නව සංචාරක ගමනාන්ත, නවාතැන්, අවශ්‍යතාවට සරිලන ප්‍රවාහන සේවා, සිතැඟි පරිදි ප්‍රණීත ආහාරපාන අතුළුව නිදහසින්, සැහැල්ලුවෙන් සංචාරයේ උපරිම සතුට අත්විඳීමේ පහසුකම් පිළිබඳ තොරතුරු www.traveleye.lk  වෙතින් සපයා ඇත. ශ්‍රී ලංකාවේ දේශීය සංචාරක ව්‍යාපාරය නව ගමන් මාර්ගයක් වෙත යොමු කරමින් දේශීය සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් සුවීශේෂී මෙහෙවරක් ඉටුකිරීම සඳහා දේශීය සංචාරක ව්‍යාපාරයේ පුරෝගාමීයා වනtraveleye.lk ඇප කැපවී ඇත. ඔබගේ ඉදිරි සංචාරය සිතැඟි පරිදි සැලසුම් කරගැනීමට www.traveleye.lkවෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

 

www.traveleye.lk වෙබ් අඩවිය තුළින් දේශීය සංචාරකයන්ට ලබා ගත හැකි සංචාරක සේවා පහසුකම් සහ තොරතුරු පහත පරිදි වන අතර මෙහිදී සේවා පහසුකම් වල මිල ගණන්ද ඔබට ලබා ගත හැකි අතර ඔබගේ සේවා අවශ්‍යතාව තීරණය සදහා මෙය මහත් රුකුලක් වන බව අපි විශ්වාස කරන්නෙමු. එසේම ඔබට අප රටේ ඕනෑම නගරයක සංචාරයක් සදහා තොරතුරු, පිටරට සංචාර පිළිබද තොරතුරු මෙන්ම සංචාරක ව්‍යාපාරය තුළදී අවශ්‍ය වන අනෙකුත් සේවා පිළිබද තොරතුරුද මෙම වෙබ් අඩවිය තුළින් ලබා ගැනීමට පහසුකම් සලසා දී ඇත.  

 

  • සංචාරක නවාතැන් සහ නවාතැන් වෙන් කිරීම (Accoommodation)
  • එක් දින විවේක සංචාර පැකේජ සහ වෙනත් විශේෂ පැකේජ (Day outings packages)
  • රට තුළ ඇති සංචාරක ආකර්ෂණීය ස්ථාන (Interesting places to visit in the country)
  • දේශීය Honeymoon පැකේජ සහ විවිධ මංගල සේවා සපයන්නන් (Honeymoon & Wedding Suppliers)
  • විවිධ සංචාරක ක්‍රියාකාරකම් (Experiences & Activities - water sports, trekking, hiking)
  • සංචාරක ගමන් මාර්ග විස්තර සහ සංචාරයේ දී ලබා ගත හැකි අත්දැකීම් (Local Tour Itineraries)
  • සියලුම සේවා සපයන්නන් විසින් කලින් කලට ලබා දෙන විශේෂ වට්ටම් පැකේජ (Special Offers & Discounts)
  • ප්‍රජා සහ ග්‍රාමීය මට්ටමින් ලබා ගත හැකි සංචාරක සේවා සහ පහසුකම් (  Community & Rural Tourism Services)
  • ප්‍රණීත සහ සෞඛ්‍යාරක්ෂිත ආහාරපාන ලබා ගත හැකි ස්ථාන (Restaurants & Pubs)
  • අවශ්‍යතාවය අනුව සංචාරයන් සඳහා ප්‍රවාහන පහසුකම් සපයන්නන් (Tourist Transporters)
  • ප්‍රවේශ පත්‍ර වෙන්කිරීම සහ ප්‍රාදේශීය සංචාරක මගපෙන්වීම් (Tickets & Area Guide Services)
  • විනෝදාත්මක සේවා සපයන්නන් (Entertainment Services)
  • උත්සව, සම්මන්ත්‍රණ සහ විශේෂ අවස්ථා සදහා ස්ථාන (Function Venues &
  • ශ්‍රී ලාංකිකයන් සදහා විදේශ සංචාර පැකේජ සහ සේවා (Foreign Tours& Information)
  • පාසැල් අධ්‍යාපන චාරිකා සහ ගමන් මාර්ග සැලසුම් කිරීම (Educational Tours)
  • උපකාරක සේවා සපයන්නන් (පොලිස් ස්ථාන, රෝහල්, ඉන්ධන පිරවුම්හල්) (Support Services)

 

මෙම අංග සම්පූර්ණ තොරතුරු සහ සංචාරක පහසුකම් සමග ඔබගේ පවුලේ, හිතවත් කණ්ඩායමේ, සේවා ස්ථානයේ, පාසලේ, දහම් පාසලේ, සමමිතියේ මීළඟ එක් දින විවේක සංචාරය, වාර්ෂික සංචාරය හෝ අධ්‍යාපන චාරිකාව සැලසුම් කරගැනීමට, සම්මන්ත්‍රණ, වැඩමුළු මෙන්ම ඔබගේ මංගල උත්සවය, උපන් දින සාද, සාංවත්සරික සැමරුම් සාද වැනි උත්සව සහ විශේෂ අවස්ථා ඔබගේ අවශ්‍යතාවය පරිදි අවශ්‍ය ස්ථානයක පැවැත්වීමට සහ අනෙකුත් සංචාරක අවශ්‍යතා පිළිබද තොරතුරු සහ මිල ගණන් ලබා ගැනීම  සදහා  traveleye.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. 

 

“SRI LANKA’S FIRST DOMESTIC TOURISM WEBSITE”

Introduction
While Sri Lanka’s tourism industry has previously focused on visitors from other countries, the growing importance of the domestic tourist market demands attention. Recent studies reveal that, globally, the revenue from domestic tourists has actually surpassed the value of international tourism. www.traveleye.lk caters to this expanding market by giving Sri Lankan tourists access to a wide range of local destinations.

Domestic tourism generates numerous benefits for the country. By celebrating the contributions of Sri Lanka’s diverse communities, this sector promotes ethnic, racial and religious tolerance. By confining their spending to Sri Lanka, domestic travelers re-distribute wealth within their nation's boundaries, thereby increasing social equity. This domestic tourist spending also retains the hard currency that would otherwise leave the country as expenditure in foreign destinations.

Furthermore, domestic tourism compensates for the seasonal variations that afflict the inflow of foreign visitors. Local travelers can stimulate the industry during international tourism’s “off peak” seasons, preventing the abrupt declines in revenue and occupancy levels that generally occur during these periods. This strategy will stabilize revenues and employment levels within Sri Lanka’s tourist industry.

In today’s tech-savvy world, travelers generally find enticing destinations through the Internet. Our online resources allow potential travelers to discover Sri Lanka’s inexhaustible splendour at the touch of a button. The countless itineraries on traveleye.lk help domestic tourists choose a locale in which they can relax, unwind, and marvel at the beauty within their own nation.

Our Website
At www.traveleye.lk, we offer domestic travelers all the information relevant to planning a tour or an excursion in Sri Lanka. Our website includes an enormous variety of tourist-related services, stretching from accommodations to the island’s innumerable small pastry shops and even to the toilet facilities available in a particular area.

As Sri Lanka’s first domestic tourism site, www.traveleye.lk will attract many viewers. Our site is always accessible and updated with new data every day. We invite you to use our site as a new platform to promote your tourism services to these potential vacationers and we are confident that www.traveleye.lk will offer you greater coverage, leverage and publicity. We hope you will support us and help ensure the success of our endeavor.

What We Do
With the help of our partnering network, we assembled an array of tours and excursions, including the most charming holiday packages available. In addition, traveleye.lk offers over a thousand accommodation options. Other services offered on our website include restaurants, catering services, venues for weddings and conferences, transport services, entertainment services and different kinds of special offers. This diversity of options means that we can satisfy each traveler’s needs and ensure that their vacation will constitute the experience of a lifetime. 

About the Website

Through years of research, having identified domestic tourism needs & behaviors of the market, we founded www.traveleye.lk in 2014.

Read more

Founder/ CEO

Pradeepthi Hemachandra

(ACA, ACMA, MCPM, PDTEHM)

View more